සෞඛ්‍ය ඇමතිවරයා, අමාත්‍යංශ ලේකම්, සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් අල්ලස දුෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලය අද උදෑසන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කෙරුවා.
ඒ, කොළඹ 07 සුවසිරිපාය ඉදිරිපිට.
එම අවස්ථාවට මැදිහත් වූ පොලිසිය සුවසිරිපායේ ගේට්ටු වසා දමමින් උපවාසකරුවන් ඉවත් කිරීමට උත්සාහ කළ ද පොලිසියේ බාධාකිරීම් නොසලකමින් උපවාසකරුවන් මේ වනවිට තම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
” රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු” තේමාව යටතේ අඛණ්ඩ උපවාස පැවැත්වෙනවා.
මේ අවස්ථාව සඳහා නීතිවේදින්, වෘත්තිය සමිති නියෝජිතයින්, බහුජන සංවිධාන නියෝජිතයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියා.
– පෑලියගොඩ බුද්ධික .