අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නගරයේ අලුතින් ඉඳිවන ආගමික ස්ථාන පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.
පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල ආගමික අර්ථයෙන් විශාල ඉඳිකිරීම් ප්‍රමාණයක් සිදුවන බවත් පාලනයකින් තොරව මෙම කාර්යයන් සිදු වන බවත් එහිදී අවධාරණය වී තිබෙනවා.
පූජා නගරය තුළ අනුමැතියකින් තොරව සිදු කරන ඉදිකිරීම්, මාර්ගය දෙපස වෙළඳාම් කටයුතු සිදු කිරීම්, නොගැලපෙන නාම පුවරු ප්‍රදර්ශනය පිළිබඳ නියාමනයක් අවශ්‍ය බවද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
තත්ත්වය පාලනය කිරිම සදහා අනුරාධපුර පූජා භුමිය ගැසට් කිරීම කඩිනම් අවශ්‍යතාවක් ලෙස කළ යුතු බවට සියලු පාර්ශ්වයන් එකඟ වී තිබෙනවා.