ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු නියෝජ්‍ය කතානායක සහ හිටපු ඛණිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම පක්ෂයේ හබරාදුව නව ප්‍රධාන සංවිධායක ධුරයද ලබා ගත් වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ හබරාදූව ආසන කාර්යාලය විවෘත කිරීමෙන් පසු විශේෂ රැස්වීමක්ද පවත්වා තිබේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයකුව සිට පසුව ස්වාධීන මන්ත්‍රිවරයකු වශයෙන් සිටි ඒ මහතා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන හබරාදුව ප්‍රධාන සංවිධායක ලෙස පත්වීමෙන් පසු සිය පක්ෂ කාර්යාලය මෙසේ ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මැතිවරණ සඳහා ටෙලිෆෝනය ලකුණින් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
Chandima weerakkodi